චන්දයක් කිට්ටු වෙනකොට මිනිස්සුන්ට නිතර දේශපාලන විහිළු අහගන්න ලැබෙනවෙන. ඕනම රටක මැතිවරණයක් තියෙනකොට අපේක්ෂකයෝ ඒ රටේ හෝ ඒ පලාතේ ජනතාව ඉදිරියට ගිහින් ඔවුන්ගේ චන්ද තමන්ට ලබා ගන්න බොහොම වැදත් කතා පවත්වනව. වැඩිපුරම ඒ දේශපාලඥයන් පවත්වන කතා වලින් ඔවුන් ජනතාවට කියන්නෙ තමන් ජනතාව වෙනුවනේ මීට කලින් කරන ලද සේවාවන්, චන්ද ජය ලැබීමෙන් පසු කරන්නට යන කටයුතු හා ඒ සදහා තමන්ගේ සැලසුම් ගැනයි. ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ ජවතාවගේ බුද්ධියටයි.
ඒත් අපේ රටේ මේ තත්වෙ මෙහෝ දුරට වෙනස්. සමහරෑ දේශපානන රැස්වීම් වල තතා පවත්වනව කියල කරන්නේ අනක් අපේක්ෂකයන්ට මඩ ගහන එක, අසභ්‍ය වචන කීම, හෝ ජනතාව හිනස්සන පහත් ගණය් විහිළු කරන එකයි. මෙවැනි කතා වලින් ඔවුන් ජනතාවගේ පිලිකුලට ලක්වෙනවා. ජනතා චන්දය ලබා ගන්නට උවමනා නම් කරන්න තියෙන්නෙ තමන් මෙතෙක් කල් ඔවුන් වෙනුවෙන් කල සේවාව කෙටියෙන් මතක්කරල දෙන එකයි. බලය ලැබුනහම කරන්නට සැලසුම් කරල තියෙන කටයුතු ගැන කීයන එකයි. රට ජාතිය ගැන තමගේ අවංක හැගීම ප්‍රදර්ශණය කරන එකයි. එහෙම හැගීම් නැති අය නම් බොරෑ හැගීමක් පෙන්නන්න ගියාම මිනිස්සුන්ට දැනෙනව ඔහු බොරෑකාරයෙක් කියලා.
සමහරෑන්ට වල් පල් දොඩවන්නට සිද්ධ වෙලා තියෙන්න තමන්ගෙ අතේ දේශපාලන බලය තිබූනු අවස්ථා වල රටට හෝ රටේ ජනතාව වෙනුවෙන් කිසිම දෙයක් නොකරපු නිසයි. තමන්ට බලය තියෙනකොට රජයේ ආයතන විකුනපු, මව් බිමේ ඉඩම් සුද්දන්ට කුනුකොල්ලයට විකුනපු, කොටියට රටේ කොටසක් ලියල දීල නිදහසේ අහිංසක මිනිස්සු මරන්න අයිතිය දීපු, අයට “මෙන්න අපි කරපු වැඩ” කියල මිනිස්සු ඉදිරියේ මතක් කරන්න බැරෑව ඇතිනෙ.
බලය ලැබුනම කරන්න සැලසුම් කරල තියෙන්නෙ එටේ දේපල, සල්ලි හොරා කන එක නම් ඒ සැලැසුමත් මිනිසු ඉස්සරහ කියන්න බෑ. දුප්පත් මිනිස්සුන්ට සහන දෙනව වෙනුවට ඒ සහන කපල දාල, බදු නොගෙවා කෝටි ගනන් කළු සල්ලි මිටි බැදපු තමන්ගෙ නෑදෑ හිත මිතුරන්ට බදු සමාවල් දීපු හැටි කලකට උඩදි හැමෝම අහන්න දකින්න ඇතිනෙ. ගෙයක් දොරක් නැති දුප්පතුන්ට බෙදන්න පිටරටින් එවපු සෙවිලි තහඩු පවා විකුනගෙන කාපු අමන දේශපාළුවොත් මේ රටේ හිටියනෙ.
හරි විදියට හිතල බලන කොට ලංකාවෙ මිනිස්සුන්ගෙන් ආයෙ චන්දෙ ඉල්ලන්න වත් සදාචාර අයිතියක් නැති පිරිසකුත්ඉන්නව. රටේ මුළු මහත් ජනතාවගෙම පොදු හතුරා වෙච්ච කාලකන්නි කොටියගෙ කන්ඩායමට එකතු වෙලා ලංකාවට විරෑද්ධව කුමන්ත්‍රණ කරන විදේශ රටවලුත් හවුල් කරගෙන මුළු රටම විනාස කරන්න හදපු දේශපාළුවො තමයි ඒ කට්ටිය. හමුදා සෙබළු රට වෙනුවෙන් දරෑණු යුද්ධයක් කරන වෙලාවෙ මොවුන් කිවුවෙ “හමුදාව කරන්නෙ බොරෑවක් කිලිනොච්චි යනව කියල යන්නෙ මැදවච්චි” කියලයි. “ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” කියල තවත් ගොනෙක් කෑ ගැහුව. හමුදාවට කරන්න පුළුවන් හැම අපහාසහක්ම කරා. ඊලගට තමන්ගෙ හිතවත් කොටියව බේරගන්න උවමනා නිසා යුද්දෙ මෙහෙවවන ආන්ඩුව පෙරලන්න දැඟලුව. ජනතාවගෙ ආශිර්වාද මැද සාමය ලඟාකරගන්න යුද්දෙකට පැටලිලා හිටපු ආන්ඩුව පෙරලන්න දඟලන එක ජනතාවට විරෑද්ධ වීමක් කියන එකවත්, ජනතාවට විරෑද්ධ වෙන එකන් ඉදිරියෙදී දරෑණු ප්‍රතිඵල ලැබෙනව කියන එකවත් මේ කාණ්ඩෙට තේරෑම් ගන්න බැරි වුනා.
සියළු කුහක උත්සාහයන් වැරදුනාට පස්සෙ හුගක් දේශ ද්‍රෝහියෝ කියන්නෙ “අපි රටට ආදරේ පක්ෂයක්” “අපි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා” “යුද්දෙ ඉවර කරන්න අපිත් දායක උනා” “යුද්දෙ ඉවර කරපු එකට අපි හමුදාවට ඉස්තූති කරනවා” වගේ කතා. මේ කතා මිනිස්සු රවට්ටන කපටි කතා. ඒත් කුහක කම විනාඩියකට හරි පැත්තකින් තියල යුද්දේ මෙහෙයවපු ආන්ඩුවට ස්තූතිකරන්න උන්ට බැරි උනා. ආන්ඩුව යුද්දේ මෙහෙවුවෙ නැත්තම් හරි ජනාධිපති වරයා යුද්දෙට අණ ලබා දුන්නෙ නැත්නම් යුද්දේ දිනනවා වෙනුවට වෙන්නෙ කොටියා උතුරෑ – නැගෙනහිර රජකම් කරන එකයි. මොකද හමුදාවට හිතුමතේ යුද්ධකරන්න හරි යුද්දෙ දිනන්න හරි මේක හමුදාවෙ ප්‍යෙද්ගලික කොන්තරයක් නෙමෙයිනෙ.
කොච්චර පක්ෂ පාට භේද තිබුණත්, වෙනත් පක්ෂෙක කෙනෙක් හෝ පිරිසක් හරි දෙයක් කලොත් ඒක හරි කියල කියන්න තරම් කොන්ද පණ තියෙනව නම්, ඒ අය ගැන ජනතාව අතර යහපත් හැගීමක් ඇතිවෙනව.
රට ජාතිය ගැන නිතර කතා කරපු රතු පක්ෂයක් තීරණාත්මක යුද්දෙ වෙලාවෙ ජනතාවගෙ පිලට එකතු වෙනව වෙනුවට කොටියා ප්‍රමුඛ ද්‍රෝහී පිලය එකතු වුනේ කාගේ කරෑමෙකටද කියල හිතාගන්න අමාරෑයි. ටික කාලෙකට කලින් නයාට අදු කොල වගේ හිටපු පක්ෂ දැන් ඒ අයට කිරි පැණි වගේ. ආන්ඩුවටයි ජනාධිපතිටයි වඩා විනාශ වෙච්ච LTTE එකයි ප්‍රභාකරනුයි හොඳයි කියලයි දැන් ඒ අය හිතන්නෙ. ඒ මදිවට වැඩ වර්ජන මාන්දමකුත් දැදීගෙන ආවනෙ. ඒක සනීප වුනේ වර්ජන කරන්න වෙන්නෙ තමන්ට තනියම කියලා දැනුනට පස්සෙයි. ඒ අයගෙ පක්ෂෙන් අයින් වෙලා අළුත් දේශපානන ගමනක් යන්න පටන් ගත්ත තමන්ගෙම සහෝදරයෙක්ගෙ පස්සෙ පන්න පන්න ගහන්නෙ , “ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ට කැමති දේශපාලන මතයක් දරන්න තියෙන නිදහසට අපි ගරෑ කරන්නෙ නෑ” කියල මිනිස්සුන්ට පෙන්නන්න වෙන්න ඇති.
ලංකාවෙ සමහර දේශපාලඥයො බලය ගන්න කුහක ක්‍රමත් අත්හදා බලනව. ලංකාවට ආධාර දෙන්න එපා කියල කේලම් කිය කියා ලොකෙ වටේම යනව. රටට ලැබෙන විදේශ ආධාර නවත්වල ආර්ථිකේ වට්ටල මිනිස්සුන්ට කන්න බොන්න පවා හිඟ වෙන තත්වෙයක් ඇති උනාම මිනිස්සුන්ගෙ බල්ල මිරිකල ආන්ඩු පෙරලවන එක තමයි මේ ක්‍රමේ.
සමහරෑ දේශපාලන රැස්වීම්වලද කෑගහන්නෙ ආන්ඩුවෙ වියදම් වැඩියී, වාහන පාවිච්චි කරනව වැඩියී, ටෙලිෂෝන් බිල් ගෙවනව වැඩියී, පඩි ගන්නව වැඩියී, වරප්‍රසාද ගන්නව වැඩියී කියලයි. රටේ ජනතාව විදියට අපට එහෙම කියන අයගෙන් අහන්න තියෙන්නෙ උඹලාට බලේ තිබුන කාලෙ හරි බලේ ලැබුනම හරි සැප වාහන වල නොගිහින් බස් එකේ යනවද? ටෙලිෂෝන් පාවිච්චි නොකර කුරෑල්ලො අතේ පනිවිඩ යවනවද? පඩි නොගෙන පිනට වැඩ කරනවද? වරප්‍රසාද එපා කියනවද?. මේ කතා කියල බලේ ගන්න හැම එකාම වරප්‍රසාද හැම එකම ගන්නව. එහෙම අරගෙනත් රටට වැඩක් නොකරන උන් තමයි වැඩිපුර ඉන්නෙ. අවංකව රට වෙනුවෙන් වැඩක් කරන අය වරප්‍රසාද ගන්න එක ගැන මිනිස්සුන්ට ප්‍රශ්ණයක් නෑ.
ලංකාවෙ ගොඩක් මාධ්‍ය ආයතනත් චන්ද ගැන උනන්දුයි. ඒ අයත් චන්දෙ ඉල්ලන නිසා නෙමෙයි. චන්දෙට ඉදිරිපත් වෙච්ච පක්ෂ වල කොන්ත්‍රාත්තු බාර අරන් තියෙන නිසා. මේ මාධ්‍ය නඩේ කට්ටියගෙ ජොබ් එක මිනිස්සුන්ට සත්‍ය කොරතුරෑ දැනගන්න සලස්වන එක නෙමෙයි. තමන් අදහන, කඩේ යන දේශපානන පක්ෂයේ මඩ හෝදන එකයි, අනක් දේශපාලන පක්ෂ වලට මඩ ගහන එකයි. ඒ අයගෙ ප්‍රවෘත්ති වල යන්නෙත් කොමඩි දේශපාලඥෙයා දේශපාලන රැස්වීම් වලදි කියපු වල්පල් තතා, කුණුහරප. ප්‍යෙද්ගලික වාහිනියක මේවගෙ වල්පල් කතා “මැතිවරණ සටනේ රස මුසු තැන්” කියා හැම ප්‍රවෘත්ති වාරයකදිම විකාශය කරනව.
ඒ ප්‍රවෘත්ති ඔවුන් තෝරා ගන්නෙත් තමන් අදහන දේශපාලන පක්ෂයට වාසියකුත්, අනෙක් පක්ෂ වලට අපහාසයකුත් වෙන විදියටයි. ඒ දේශපාලන කතා වල සියළු වැදගත් කොටස් ඉවත් කර තෝරාගත් වල්පල් පමණක් ඉදිරිපත් කරනවා. සමහර මධ්‍ය වල විකාශය කරන හැම ප්‍රවෘත්තියක් අවසානයේම අධාල සිද්ධියේ වරද ආන්ඩුවට හො එහි ඇමති වරයෙකුට පවරනවා. ඒ මාධ්‍ය කාරයන් ඉටු කරන්නේ මොන දේශපාලන පක්ෂයේ කොන්ත්‍රාත් එකද කියල ඒ ප්‍රවෘත්ති වලින් දැනගන්න පුළුවන්.
කොහොම උනත් ජනතාවගෙ මතය තමන්ට ඕන විදියට වෙනස් කරන්න මාධ්‍ය කල්ලි වලට බෑ. දේශපාලන රැස්වීම්වල බොරෑ කිය කියා බෙරිහන්දෙන අයටත් බෑ. රටටේ තීරණාත්මක මොහොතෙ මිනිස්සුන්ට ද්‍රෝහි වෙච්ච ද්‍රෝහියන්ටත් බෑ. මොකද ලංකාවෙ මිනිස්සු දැන් හරි බුද්ධිමත්. තමන්ගෙ මව්බිමට හිතවත්. 1% ක වත් වැඩක් නොකර හොරා කන දේශපාළුවන්ට වඩා, 95% ක වත් වැඩක් කරන අය තෝර ගන්න මිනිස්සු දැන් දන්නව. අතීතය මතක් කරල, වර්තමානය දිහා බලල, බුද්ධිමත් විදියට හිතල අනාගෙත් වෙනුවෙන් දේශපාලන තින්දු ගන්න දැන් ලංකාවෙ මිනිස්සු හොදට දන්නව.